ඔව් මේ අවථාවේදී Program එකක් ඇත්තට ගහල run කරල බලන්න අපි ඉතාමත් ආසන්නයේ ඉන්නේ,තව චූට්ටක් ඉවසීමෙන් මේ ලිපියත් කියවමු. මේක විතරයිලු හානෙ.මේක ගොඩක් වැදගත් දෙයක් . ටිකක් කල්පනා කරල තේරුම් ගන්න බලන්න. මොනා හරි අහන්න තිබ්බොත් ඕන වෙලාවක මට message එකක් දාල අහන්න fb එකෙන්.
හිතන්න මේක computer එකෙ run කරල බලන්න යන්නේ කියල.
A=5
B=12
A=B
OUTPUT A
මේ මොන හරුපයක්ද ? ගණිතමය වශයෙන් මේක වැරදි නෙහ්. ඒත් programming වල මේකට තේරුමක් තියෙ. මොකක්ද OUTPUT A එක ඉතින්.
OUTPUT එක 12
දැන් මේක බලමු.
A=5
B=12
B=A
OUTPUT B
ඕකෙ OUTPUT B එක 5.
තේරුනාද සීන් එක ඉතින්.? වැඩේ තියෙන්නෙ " = " ලකුණෙ.සමාන ලකුණක් දාල දෙපැත්තෙන් මොනා හරි තියනව කියල හිතමුකො.පලවෙනි එකෙ තියෙන්නෙ A=B නෙහ්.
Programming වලදි මේකේ තේරුම දකුණු පැත්ත වම් පැත්තට සමානයි කියන එක. වමේ කෙනාට කලින් අගයන් එහෙම තිබ්බ නැතා අදාල නෑ . ඔහොම ලිව්ව ගමන් දකුණු පැත්තේ අගයන් වම් පැත්තට සමාන වෙනවා. තවත් පැහැදිලි කලොත් දකුණු පැත්තේ තියන ඒවගෙ අගය වම් පැත්තේ තියන දෙයට ආදේශ වෙනවා.
තේරුණාද දන්නේ නෑ. ආයෙ කීප පාරක් උදාහරණ දිහා බලල කල්පනා කරන්න . ඒත් අවුල් නම් ගනන් ගන්න එපා. අපි practice කරද්දි ගහලම බලමු මේක නිකම්ම ඔලුවට එනව එතකොට.
එහෙනම් මේ ලිපියෙන් basic කොටස් ටික ඉවරයි හරිද. ඊලග ලිපියෙන් කට්ටිය පුන පුනා බලා ඉන්න program එකක් ඇත්තටම ගහල run කරල බලන අවස්ථාව උදා වෙනවා.එහෙනම් ජය. !