පලවෙනි ප්‍රෝග්‍රෑම් එක [my first program] part 1

March 30, 2019



C programming වලට කලින් ලිපි පෙල බලල මෙතනට එන්න කියල ඉල්ලනව. සාමාන්‍ය අවබෝධයක් තියෙ නම් පොඩි කෝඩ් එකක් ගහ ගන්න ,එහෙනම් අවුලක් නෑ මෙතන ඉදන් බලන් යමු. 😉.

ගහමුද මංගල කෝඩ් එක.ඉතින් මොකේද ගහන්නෙ ? ඕන්න පලවෙනි දේ. Program එකක් notepad එකෙ වුනත් ගහල compile කරල cmd (command prompt ) එකෙන් run කරන්න වුනත් පුලුවන්. ඒත් අපේ වැඩේ පහසුවෙන් කර ගන්න පුලුවන් IDE ( Integrated Development Environment)  එකක් පාවිච්චි කරල. සමහර IDE වල built in compiler එකක් එනව ඒ නිසා වඩාත් පහසුයි අපිට ,කෙලින්ම කෝඩ් එක ගැහුව run කලා.
හම්මේ මොන මගුලක්ද හෙනයක් අත ඇරිය වගෙ කියාගෙන ගියේ ,මෙලෝ දෙයක් තේරුනේ නෑද 🤗. හයියු ගනන් ගන්න එපා.ඕක අල්ලල දාන්න සරලවම මම කියන්නේ ඔයාට සොෆ්ට්වෙයා(software) කෑල්ලක් දා ගන්න වෙනව කියල. 15mb වගේ. දාගෙන ඉමුද ?
පහල ලින්ක් එකට ගිහින් බා ගන්න
http://freetexthost.com/index.php

බාගෙන install කලාද ? Software එකක් කොම් (computer ) එකට install කර ගන්න නම් දන්නව නේද . 🙏. ඒකත් කියන්නද කෝකටත් කියල. ( පරිගණක ගැන සාමාන්‍යයෙන් දැනුමක් තියන අය ඉවසා වදාරනු මැනවි )

ඔයා උඩ ලින්ක් එකට ගියාම තියන Quincy Download and Installation යටතේ Download Quincy 2005 වාක්‍ය ක්ලික් කරන්න.එතකොට setup file එකක් download වෙයි. ඒක double click කරල install කරන්න. (එක එක ප්‍රශ්න අහයි imstall location වගෙ. ඒව නිකන් next click කරන් යන්න.) දැන් desktop එකේ icon එකක් ඇති Quincy කියල . ඒක double click කරල open කරන්න.
Desktop එකේ folder එකක් හදන්න. නම දෙන්න myprograms කියල ඒකට
දැන් file ගිහින් new click කරන්න. File එකේ වර්ගෙ අහයි C source file කියල තෝරන්න.ආයෙ file ගිහින් save කරන්න myfirstprogram කියල

දැන් ඔයාට මතකද psedocode ගහපු විදිය.ඒත් ඇත්තටම program එක run කරන්න ඔයාදෙන basic දේවල් ගැන ඉදන් හරි නම් කියල දෙන්න වෙනව.හරියට අංක කියන්නෙ මොනාද, අකුරු කියන්නේ මොනාද,එකතු කරනව කියන්නෙ මොකක්ද,input ගන්නව කියන්නෙ මොකක්ද ආදිය.
ඒවගේ basic දේවල් වල ඉදන් කියල දීල අපේ වැඩේ කරන්න ඕන code ටික ගහනකොට පට්ට වැඩ ගොඩක් කරන්න වෙනව නෙහ්. අන්න ඒ නිසා programming language එක හදන කෙනා basic දේවල් ටික pre code කරල එවනව.අන්න ඒ file එක මුලින් අපි ලෝඩ් කර ගන්න ඕන .

ඒක කරන්නේ

#include stdio.h; 


කියන කෝඩ් එකෙන්. අන්න එක තමා මුලින්ම අපි ගහන්න ඕන.
ඊලගට අපි වෙන්න ඕන වැඩ ටික ගහන්නේ මේ වගේ එකක් ඇතුලෙ. ඕකට කියන්නේ main function එක කියල.

int main ()

{

අපේ කෝඩ් එක.....

return 0;

}


( c ප්‍රෝග්‍රෑමින් මේහරිය දන්න කෙනෙක් නම් ඔයා,දැන් හිතෙනවා ඇති ජාති අඩුද මන්දා කියලා. ඉවසල ඉන්න මොකුත් හලන්නේ නෑ. පොඩ්ඩ පොඩ්ඩ හැම දේම කියල දෙනව හාද 😎 )

එහෙනම් අපි දැන් hello world කියල output එක දෙන සරල program එකක් ගහමුද ?

#include<stdio.h>

int main ()

{

 printf("hello world");

 return 0;

}


හරි එච්චරයි. හම්. පොඩි නෙහ් . 😁
ඔව් ඒත් ගොඩක් ජාති ඉගෙන ගන්න පුලුවන් මේකෙන්.

මුලින්ම දැක්කද OUTPUT කියන එක C programming වල ගහන්නෙ " printf() " කියල. ඒවා තමා ගැන තියන file එකතමා මුලින්ම අපි ලෝඩ් කලේ අර. ඕවට කියන්නෙ pre defined functions කියල .
ඊට පස්සෙ යුගල උඩු කොමා අතරේ තමයි වචන ටික ගැහුවෙ.
ආයේ දැක්කද "  ; " එකක් තියනව අගට. ඒකට කියන්නේ semicolon කියල .ඒක කෝඩ් ලයින් එකක් අවසානය හගවන්න දානව.
ම්ම් තව දැක්ක නෙහ් මුලින් කිව්ව වගේ අපේ කෝඩ් එක සගල වරහන් ඇතුලෙ දැම්මේ කියලා.

දැන් මේක run කරන්නේ කොහොමද බලමු.
මුලින්ම compile කරන්න පහල රූපයේ තියන button එක ඔබල.



successful කියල වැටෙන්න ඕන හරිගියා නම් පහල රූපයේ වගේ.




මොකක් හරි වැරැද්දක් වෙලා නම් පහල රූපයේ වගේ වැරැද්ද කියයි. ඒක උඩ double click කරල බැලුවම වැරැද්ද තියන පේලිය පෙන්වයි.


චෙක් කරල හරි ගස්සව ගන්න ඒව. ඊට පස්සෙ ආයෙ compile දෙන්න.
Successful උනාම run button එක ඔබන්න පහල රූපයේ තියන.



ඊට පස්සේ ඊලග රූපයේ වගේ කලු තිරයක ඔයා ගහපු වාක්‍ය ( අපි ගැහුවෙ " hello world " පෙන්වයි)

ඇති නේද අදට. ඔයා ගෙදර වැඩ විදියට උඩ program එක ගහල practice කරන්න. Hello world වෙනුවට වෙන දේවල් ගහල බලන්න. දිග ඡේදයක් එහෙම.
ඊලගට මම කියල දුන්න ඒව අත ඇරල ගහල run කරල බලන්න මොකෝ වෙන්නෙ කියල.
උදා : අගටදාන්න කිව්ව semicolon එක නැතුව ගහල run කරල බලන්න.

ඊලග ලිපියෙන් හම්බෙමු එහෙනම් මීට වඩා advance දේවල් ටිකක් එක්කල. ජය.

You Might Also Like

0 comments

DMCA protection

Like us on Facebook