ගැලීම් සටහන් ලූප් [flowchart loops] Part 04

September 25, 2018



කලින් ලිපියෙ home work එක කරාද ?  අංක 1 ඉදන් 50 දක්වා OutPut දෙන flowchart එකක් අදින එක. කොහොමද ඇන්දේ ? OUTPUT 1, OUTPUT 2 , OUTPUT 3 , OUTPUT4........ OUTPUT 50 වෙනකම් ලිව්වද ? මම කිව්ව නම් ඔයාට 1 ඉදන් 5000 වෙනකම් අංක Output දෙන එකක් අදින්න කියල? ඒත් ඔහොම ලියන්න ගියොත් කොහොම වෙයිද ?

අන්න ඒ වගේ වෙලාවට තමා අපිට LOOPS පිහිට වෙන්නෙ. රටාවක් තියන එකම දෙයක් නැවත නැවත කරනව නම් අපිට loop එකක් පාවිච්චි කරන්න පුලුවන්.

Loop එකක් කියන්නෙ මොකක්ද ? කෙටියෙන්ම කිව්වොත් ඕක ඉතින් රවුමක් . රවුමක එක තැනකින් පටන් අරන්  ඇවිදගෙන ගියොත් අවසාන වෙන කෙලවරක් කියල නෑ නෙහ්.
අන්න ඒ වගේම තමා මේ කතා කරන ලූප්. එක තැනකින් පටන් ගත්තම රවුමට යන්නේ.
දැන් අපි අර වැඩේ ඒනම් loop එකක් දාල කරමුද බලන්න.



දැක්කද . 1 ඉදන් 50 වෙනකම් ආයෙ ආයෙ ලියන්න ඕන වුනේ නෑ. ලේසියෙන්ම වැඩේ ගොඩ දැම්ම .

ඒත් පොඩි අවුලක් තේරුනේ නැද්ද ? ඔව් 50 න් ඉවර වෙන්නේ නෑ මෙක. අනන්තයටම යනව නෙහ් මේ විදියට . කොහොමද 50 දි ලූප් එක ඉවර කරල එලියට එන්න කියන්නේ ?

අන්න ඒකට වැදගත් වෙන්නෙ conditions .
ඒනම් දැන් බලමු conditions දාල කොහොමද අපේ වැඩේ 100% හරියට ගොඩ දාන විදිය.




හරි එහෙනන් . අද home work එක තමා " Hello World"  කියල 10 පාරක් OUTPUT දෙන FLOWCHART එකක් ලියන්න Loop පාවිච්චි කරල. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

You Might Also Like

0 comments

DMCA protection

Like us on Facebook