ගැලීම් සටහන් [ Flow Charts ] part 03

August 18, 2018

මේ කොටසෙන් කතා කරන්නේ flow chart ගැන. මොනාද මන්දන්නේ නෑ .psedocodes ගායි ඒ පාර flowchart ගානව. තේරෙන්නේ නැති වෙයිදෝ කියල හිතුනද.

අයියෝ අවුල් ගන්න එපා. මේ කොටස ඕනිත් නෑ කියල අත අරින්න හදලත් ඊලගට කරන කොටස ලේසියෙන් තේරුම් කරවන්න flow charts උපයෝගී කර ගන්න පුලුවන් නිසයි කරන්නේ. අමුතු සීන් එකක් නෑ හරිද flow chart කොහෙන් හරි පෝඩ්ඩක් දන්නව නම් ඒ ටිකම තමා ආයෙ මේ මතක් කරන්නේ. මොකුත්ම දන්නෙ නැති කෙනෙක් උනත් අවුලක් නෑ හරිද මුල ඉදන් සරලව සහ කෙටියෙන් කියල දෙන්න යන්නෙ.

flow charts වල ප්‍රදාන අංග 4 යි .

1) START/END
2) INPUT / OUTPUT
3) PROCESS
4) DECISION

තව වැඩි දියුණු වර්ග තියෙ .එව්ව ඕන්නෑලු. මේ අංග 4 නිරූපනය කරනවා අපි හැඩතල හතරකින්. පහල රූප බලන්න.


හරි. වැඩි කතා ඕන්නෑ. පොඩි වැඩක් කරලම තේරුම් ගමු .

 අපි flow chart එකක් අදින්න ඕනලු INPUT ලෙස දෙන ලද අංක දෙකක් එකතු කරන්න . බලමු කරන විදිය.

 ............



පිලිතුර.



ලේසි නෙහ්. කලින් ලිපියේ program ලිව්ව වගේම තමා නේද. පොඩි වෙනස්කම් ටිකක් නෙහ් තියෙන්නෙ.

අපි තව එකක් ලියමු . මේ පාර මට ඕන ටිකක් ලොකු වැඩක් හරිද. ඔන්න ළමයෙක්ගේ ලකුණු INPUT එකක් විදියට ගත්තාම , ලකුණු 75 ට වැඩි හෝ සමාන නම් A , 55 ට වැඩි නම් B , 35 ට වැඩි නම් C , 35 ට අඩු නම් F කියල OUTPUT එක දෙන්න.


 ..................



 පිලිතුර



දැක්කද ඒකේ අලුත් දේවල් ටිකක් එකතු වෙලා තිබ්බා. IF (එසේනම්) කියන condition එක පාවිච්චි කලා INPUT කරපු ලකුණ 75 ට , 50 ට , 35 ට වැඩිද අඩුද කියල තෝරගන්න.

හරි එහෙනම් ගෙදර වැඩේ තමා 1 ඉදන් 50 වෙනකම් OUTPUT ලබාදෙන flowchart එකක් අදින එක. කර ගන්න අමාරු වෙන්න පුලුවන්. ඒත් වැදගත් දේ ඔයා හිතන එක සහ ගැටලු වලට මුහුනපාල ඒව අදුර ගන්න එක. ඊලග පෝස්ට් එකෙන් උත්තරය කතා කරමු.

එහෙනම් ජය වේවා !

You Might Also Like

0 comments

DMCA protection

Like us on Facebook