හැඳින්වීම [introduction for programming] | PART 01

August 16, 2018





සාදරයෙන් පිලිගන්නව පලවෙනි පෝස්ටුවට. මේ පෝස්ට් එකෙන් programming ගැන පොඩි අදහසක් දෙන එක තමා බලාපොරොත්තුව.


programming යනු කුමක්ද ? "programming යනු පරිගණකයේ execute කල හැකි පරිගණක.....බ්ලා බ්ලා බ්ලා....."

ඔය වගේ කට  පාඩම් තියරි ලයින් එකකින් නම් නෙවෙයි මගෙ පෝස්ට් ටික දාන්නේ.😜 ටිකක් සංවාදාත්මක විදියට, එවලෙ ඔයාටත් පහසුවෙන්ම කරල බලන්න පුලුවන් ක්‍රියාකාරකම් එක්ක ලියන්න තමා උත්සාහා කරන්නේ.අප්පා බර වචන වැඩිද මන්ද. මුල සිට සරලව බෝරින් නොවෙන්නලු.😀.


programming කියන්නේ ඇත්තට මොකක්ද ඉතින් , නිර්වචන(definitions) නම් Google පාරක් දැම්මම එමට හොයා ගත්තැකි නෙහ්. ඒත් තේරෙන බාසාවකින් පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් විදියට කියන්න බැරිද ?


එහෙම කියන්න තමා යන්නෙ දැන්.

මුලින් computer එක ගැන හිතන්න. අපේ හිතෙන් ටිකක් ලොකු ගානක් එකතු කරනව කියල හිතමු. වෙලා යනව නේද ටිකක්. ලොකු ගනන් කීපයක්ම එකතු කරනව කියල හිතමු. තවත් වෙලා යනවා. ඒත් com එකෙන් ගාන දෙන පරක්කුවෙන් එකතු කරල දෙනවා. දැක්කද වැඩ ඉක්මනින් කරල දෙන්න computer එකට හැකියාව තිබ්බා කියලා. ගාන ලොකු පොඩි වෙනස ගැටලුවක් වුනේ නෑ.ඒක ඔයා එදිනෙදා ජීවිතයේදි අත් විදල තියන දෙයක් වෙන්න ඕන.


දැන් සුපිරි මොලයක් තියන පොඩි එකෙක් කියල හිතන්න computer එක. පොඩි එකෙක් නිසා දන්නේ නෑලු තනියම හිතල වැඩ කරන විදිය. ඒත් කරන විදිය කියල දුන්නොත් ,සට සට ගාල වැඩේ කරල දෙන්න පුලුවන් වේගයක් තියෙලු.


දැන් මෙහෙම සීන් එකක් හිතමු. ඔන්න ඔයාගෙන්  අහනව වෘත්තයක පරිමිතිය  හොයල දෙන්න කියල. ඔයා මොකෝ කරන්නේ 2πr සමීකරණයට දත්ත දාලා උත්තරේ ගන්නවා නෙහ්.


ඊලගට පොඩි එකාගෙන් අහනවලු ඒකම.ඒත් පොඩි එකා දන්නේ නෑ වෘත්තයක පරිමිතිය හොයන සමීකරණවත් , ඕන දත්ත මොනාද කියලාවත්. ඒත් අපි කියල දුන්නොත් සට ගාල ඕන වෘත්තයක පරිමිතිය හොයල දෙන්න පුලුවන්ලු පොඩි

එකාට ඇයි සුපිරි මොලයක් තියන නිසා.


අන්න ඒකම තමා programming වලත් කරන්නේ. පොඩි එකාට වගේ අපි computer එකට කියල දෙනවා මොකක් හරි වැඩක් කරන හැටි.ඊට පස්සෙ අපි පරිඝනකයට කියල ඒ වැඩ පහසුවෙන් කර ගන්නවා.


ගණන් හදන විදි කියල දෙන එකම නෙවෙයි හරිද programming කිව්වම තව ඕන තරම් දේවල් කරන්න පුලුවන්. හිතල කරන්න තියෙන්නෙ.


මෙතනින් එහෙන්ම් ලිපිය ඉවර කරන්නම් නේද. programming ගැන පොඩි අදහසක් එන්න ඇති කියල හිතෙනව. ඊලග කොටසින් ඔයාට කරල බලන්නත් පුලුවන් වැඩ ටිකකුත් එක්කල (practical) හමුවෙමු. සුභ දවසක් !

You Might Also Like

0 comments

DMCA protection

Like us on Facebook