සූඩොකෝඩ්ස්. [ How to write psedocodes ] part 02

August 17, 2018


දෙවනි කොටස එහෙනම්. අද ඔයාට program එකක් ලියන විදිය ගැන අදහසක් දෙන්න යන්නෙ එහෙනම්. එල නේහ්.

කලින් පෝස්ට් එකේ ගැටලුව මුල් කරගෙන ලියමුද program එකක්. වෘත්තයක පරිමිතිය (perimeter ) හොයන්න.අරය 7cm කියල ගමු.
ඔන්න ලිව්ව එහෙනම්.

r=7
q=2*22/7*r
PRINT q

එච්චරයි. සරලයි නේද. වැඩි කිරීම නිරූපනය කරන්නේ තරු ලකුනින් computer වල. ඔයා දැනටමත් දන්න දෙයක් වෙන්න ඇති ඒක නම්. කිව්ව කෝකටත්.

PRINT කියන එක command එකක් කියල හිතන්න අදාල අගය තිරයේ දර්ශනය කරවන.
ඒ කිව්වේ. උඩ ගානේ q වල අගය 44 යි නෙහ්. ඉතින් PRINT q කියල ගැහුවම උත්තරේ වුන 44 පෙන්වනවා .

හරි එහෙනම් තව චුට්ටක් වැඩි දියුනු කරමුද ගැටලුව. r අගය අපිට හිතෙන එකක් දෙන්න පුලුවන් විදියට ඕනලු program එකක්. ඒ කියන්නේ input එකක් ගන්න පුලුවන් වෙන්න හදමු.

වෝව් .මම ලියන එක බලන්න කලින් තනියම හදන්න try එකක් දෙමු.

. . . . . . . . . . . .

පිලිතුර.

INPUT r
q=2*22/7*r
PRINT q

දැක්කද. පොඩි වෙනසයි වුනේ. කැමති r අගයක් දෙන්න පුලුවන් කලා program එකට.

මේ වගේ නිදහස් විදියට අපි ගැටලුවකට විසදුම් ලියනවට කියන්නෙ pseudocodes ලියනව කියල. අපි හිතෙන command නෙහ් පාවිච්චි කලේ (INPUT කියල එහෙම). programming language එකක කලින් නිශ්චය කරන ලද command තියෙ (pre defined) ඒව තමා පාවිච්චි කරන්න ඕන .ඒව ගැන හිමින් සැරේ ඉගෙන ගමුකො.

එහෙනම් ඇති නේද මේ පොස්ට් එකට.ඔක්කෝම එකට ලිව්වොත් එපා වෙයි.

 එහෙනම් ගෙදර වැඩ තමා program එකක් ලියන්න , දිග පලල සමාන , උස දිග වගේ දෙගුනයක් තියන පෙට්ටියක පරිමාව හොයන්න.දිග පලල උස INPUT හරහා ගන්න.
ඔයා කැමති විදියකට ලියන්න. මම ලිව්ව නම් ලියන්නෙ එක INPUT එකක් විතරක් පාවිච්චි කරල . ඒත් මේක  තමා programming වල ලස්සන.එක නිශ්චිත විදියක් නෑ ඔයාට නිදහස තියෙ කැමති විදියකට තමන්ගෙ program එක ලියන්න.

හරි එහෙනම්. ජය වේවා !

You Might Also Like

0 comments

DMCA protection

Like us on Facebook